ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී දිවයිනපුරා දැනට හිඟව පවතින අත්‍යවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටලකළුබෝවිල සහ මීගමුව රෝහල් වෙත පරිත්‍යාග කරන ලදී.COVID-19 ගෝලීය වසංගතය මර්ධනය කිරීමට ගෙන යන සටනේ තම අධීක්ෂණය යටතේ සිටින රෝගීන්ගේ උපස්ථාන කටයුතුවල නියැලී සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල, රෝගය ආසාදනයවීමේ අවදානමින් ආරක්ෂාවීමට සහායවීම එහි අරමුණයි.
මෙම අවිනිශ්චිත කාලසීමාව තුළ ඩයලොග් විසින් දිවයිනේ රෝහල් 20 කටTele Medicine උපකරණ27 ක්ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය බලගන්වා ඇති අතර, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් කළමනාකරණය කරනු ලබන සියලුම නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොමිලේ WiFi පහසුකම් සහ Dialog Television සම්බන්ධතා කඩිනමින් ලබාදීමට සලස්වා ඇති අතර, IDH රෝහල වෙත video conference පහසුකම් හා ජංගම උපාංග ලබාදීමටත් කටයුතු කර ඇත. තවද යාපනයද ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට අයත් ගම්මාන 265 ක පීඩාවට පත්ව සිටින 70,872 ක පිරිසකට සහන සැලසීම සඳහා වියළි ආහාර බෙදාදීම මනුසත් දෙරණ, සියත ළෙන්ගතුකම සහ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය යන මාධ්‍ය ආයතනවල වැඩසටහන් සමඟද අත්වැල් බැඳගනිමින් දිනපතා සිදුකරන ලදී.
මෙම පරිත්‍යාගය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් දැනටමත් ක්‍රියාත්මක කරන බොහෝ මූලාරම්භයන් අතර තවත්එක් මූලාරම්භයක් වන අතර, ශ්‍රී ලංකාවතුළ Covid – 19 ගෝලීය වසංගතයට එරෙහිව ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන උත්සාහයන්ටසහායවීමක් වශයෙන් එය සැලකිය හැකිය. මීට අමතරවශ්රී ලාංකිකයන්ට නිවසේ සිට සුරක්ෂිතව, නිරතුරුව සම්බන්ධවිය හැකි බවට සහතිකවීම සඳහා දරන උත්සාහයේ කොටසක් ලෙසමිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවටe-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care සහ e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසාදීමටද පියවර ගෙන ඇත.
පළමු ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්රධානතාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවෛද්ය අසේලගුණවර්ධන, ඩයලොග් ආසිආටා පීඑල්සීහි බස්නාහිර පළාතේCFSS විධායක අතුල ප්‍රදීප් සහ ඩයලොග් ආසිආටා පීඑල්සීහි තාක්ෂණ සමූහයේබස්නාහිරකලාපයේ ඉංජිනේරු ඉන්දික සුගතදාස.
දෙවනි ඡායාරූපයේ වමේ සිට දකුණට: මීගමුව දිසා රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය තුෂාර ද අල්මේදා, මීගමුව දිසා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු සහ ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්රධානතාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා.