කැපිටල් ට්වින්පීක් ව්‍යාපෘතියට වර්ග අඩි 40,000ක් පුරා පැතිරුණු අති නවීන නේවාසික පහසුකම් සහ සේවා එක්කෙරෙයි

සන්කෙන් ව්‍යාපාර සමූහයට අයත් කැපිටල් ට්වින්පීක්, දැවැන්ත නේවාසික මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවන වර්ග අඩි 40,000ක වපසරියක් පුරා විහිදුණු සුඛෝපභෝගි පහසුකම් එළිදැක්වීමට නියමිත බව පසුගියදා නිවේදනය කෙරුණි. මහල් 50කින් යුත් ද්විත්ව කුළුණු සංකීර්ණයක් ලෙස ඉදිවන කැපිටල් ට්වින් පීක්ස්හි නේවාසිකයින්ට මෙම සියලු පහසුකම් හා සේවාවන් අත්විඳීමේ හැකියාව හිමි වේ.

දකුණු ආසියාවේ උසම අහස් පාලම (sky bridge) ද සමඟ නිමැවෙන කැපිටල් ට්වින්පීක්ස්හි අන්තර්ගත සමස්ත නිවාස ඒකක ගණන 400කට වැඩි ය. සිංගප්පූරුවේ  P&T සමාගමේ ගෘහ නිර්මාණ ශිල්පීය දායකත්වයේත්, සන්කෙන් සමූහයේ විශ්වසනීය විශිෂ්ටත්වයෙනුත් ඉදිවන මෙම සුපිරි නිවාස සංකීර්ණය කොළඹ අගනුවර කලාපයට සුවිශේෂී වටිනාකමක් එක්කරනු නිසැක ය. මෙම ව්‍යාපෘතිය සඳහා සන්කෙන් සමූහයේ සමාගම් දෙකක්, එනම් සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් ආයතනය එහි ඉදිකිරීම් සහකරු ලෙසත්, කැපිටල් ඩිවලොපර්ස් ආයතනය එහි සංවර්ධන සහකරු ලෙසත් තම දායකත්වය ලබාදී තිබීම ද කැපීපෙනේ.

‟කොළඹ නගරයේ හදවත බඳු ස්ථානයක තම නිවහන පවත්වාගෙන යෑමට අමතරව, නවීන පහසුකම් සහ සේවා රැසක් නිවාස සංකීර්ණය තුළින්ම සලසාගැනීමේ සුඛෝපභෝගීත්වය ට්වීන්පීක්ස් නිවාස සංකීර්ණයේ නේවාසිකයින්ට හිමිවෙනවා. එම පහසුකම් හා සේවාවන් අතර, පවුලේ සියලු සාමාජිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස ඉදිරිපත් කර තිබීමත් විශේෂත්වයක්. එමනිසා ට්වීන්පීක්ස් මගින් විශාල ප්‍රාග්ධන ලාභයක් සහ කුලී ආදායමක් සලසා ගන්නා අතරේදීම අති නවීන පහසුකම් කරා ප්‍රවේශ වීමේ හැකියාවත් ඔවුන්ට හිමිවෙනවා. සෙසු නිවාස සංවර්ධන ව්‍යාපෘති හා සංසන්දනය කිරීමේදී ඉතාම අඩු මුදල් ආයෝජනයකින් මෙවැනි සුපිරි නේවාසික පහසුකම් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදී තිබීමත් විශේෂත්වයක්”, යනුවෙන් කැපිටල් ටවර්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ රෝහණ වන්නිගම මහතා ප්‍රකාශ කළේය.  

මෙසේ ට්වීන්පීක්ස් නේවාසිකයින්ට හිමිවන නවීන පහසුකම් අතර, අවන්හල්  පහසුකම්, ස්පා ඒකකයක්, රෙදි සේදුම් සේවා, කුඩා සුපිරි වෙළෙඳසැල සහ ෆාමසිය, සැලෝනය, සාදෝත්සව ශාලාව, උත්සව ශාලාව, සෙන්සරි ගාර්ඩ්න්, බාබක්‍යු ස්ථානය, එළිමහන් විසිත්ත කාමරය, ළමා පිහිනුම් තටාකය, නර්තන ශාලාව, ව්‍යායාම් මධ්‍යස්ථානය හා ස්ටීම් රූම්, කියැවීම් ශාලාව, ළමා ක්‍රීඩා ස්ථානය, ක්‍රීඩා කාමරය, ඉන්ෆිනිටි පිහිනුම් තටාකය, ව්‍යාපාර මධ්‍යස්ථානය, සෙන් ගාර්ඩ්න්, ස්කයි බ්‍රිජ්, ලැන්ටර්න් පීඨය සහ තවත් බොහෝ දෑ අන්තර්ගත ය.

‟නේවාසික බිම තුළදීම, රාජකාරි, විනෝදාස්වාද වගේම ක්‍රීඩා අවශ්‍යතා සලසා ගැනීමටත් මෙසේ වර්ග අඩි 40,000ක භූමි වපසරියක් වෙන්වෙනවා. එනම්, අමුත්තන් පිළිගැනීමට, විවිධ උත්සව සංවිධානය කිරීමට, අවන්හල් ආහාර රසවිඳීමට, කුඩා දරුවන්ට ආරක්ෂිතව කෙළි සෙල්ලම් කිරීමේ පහසුකම් සලසාදීමට වගේම ඒ අතරේදී මාපියන්ට විවේකයෙන් කාලය ගත කිරීමේ හැකියාවත් එමගින් උදාවෙනවා. මේ ආකාරයට නේවාසික පවුල් සඳහා අවශ්‍ය සියලුම නවීන පහසුකම් ට්වීන්පීක්ස්හි විධිමත් ආකාරයට ඉදිරිපත් කිරීමට අපට හැකිවී තිබෙනවා. විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයින්ට පවා ආරක්ෂිත සහ පහසුකම් පිරුණු සේවා රැසක් මෙහි ඇතුළත්”, යනුවෙන් රෝහණ වන්නිගම මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියානු සාගරයේ, වරාය නගරයේ සහ කොළඹ නගරයේ සුන්දර දර්ශන පථයකට හිමිකම් කියන කැපිටල් ට්වීන්පීක්ස් සුපිරි නිවාස සංකීර්ණය බේරේ වැව සමීපයේ පිහිටා ඇත.  සන්කෙන්හි නිර්මාණ සැලසුම් සහ ඉදිකිරීම් විශිෂ්ටත්වය සමඟ දේපළ සංවර්ධන ක්ෂේත්‍රය තුළ සන්කන් සමූහයේ පරිණතභාවය මැනවින් පිළිබිඹු කිරීමට එය සමත් ය. මෙම ව්‍යාපෘතිය මගින් එහි නේවාසිකයින්ට හරිත ජීවන රටාවක් උරුම කරදෙන අතරම, එහි ආයෝජකයින්ට ඉහළ ප්‍රාග්ධන වත්කමක් මෙන්ම බදුකුලී ආදායමක් උරුම කරදෙනු නොඅනුමාන ය.